මාදුරු ඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයේ සිටි හමුදා සාමාජිකයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ..

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව‍යි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන මාදුරු ඔය ජලාශයට කඩාවැටී තිබුණි.