කොටහේනේ මහල් නිවාස සංකීරණයකින් පැන සිසුවියක් සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිසියට සහ අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇත.
එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍රසිරි පවසන්නේ, බම්බලපිටිය සහ කොටහේන පොලිස් ස්ථානාධිපතිවරුන් හා දැරිය ඉගෙනුම ලැබූ පාසල අයත් කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පසුගියදා (14) කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ මෙම දැනුම් දීම සිදු කළ බවයි.
මෙම විමර්ශනයට බම්බලපිටිය රාමනාදන් හින්දු විද්‍යාලයේ විදුහල්පති, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ, සිද්ධියට සම්බන්ධ අදාළ ගුරුවරයා, පොලිස් ස්ථානාධිපති බම්බලපිටිය, පොලිස් ස්ථානාධිපති කොටහේන, හා අදාළ
කැඳවා තිබුණු නමුත්, දැරියගේ පාසලේ විදුහල්පතිනිය සහ ඇයව අපයෝජනයට ලක් කළ බව කියන එම පාසලේ ගණිත ගුරුවරයා එදින කොමිසමට පැමිණ නැති බව මානව හිමිකම් කොමිශන් සභාව නිකුත් කල නිවේදනයෙ දැක්වේ.
ඒ අනුව, හේතු දැක්වීමකින් තොරව නියමිත වේලාවේදී කොමිෂන් සභාව හමුවේ පරීක්ෂණයට පෙනී නොසිටීම සමිබන්ධයෙන් කොමිෂන් සභා පනත ප්‍රකාරව ක්‍රියා නොකිරීමට ඔවුන්ගෙන් හේතු විමසීමට මානව හිමිකම් කොමිසම තීරණය කර ඇත.
කෙසේ නමුත් මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ, විමර්ශන කටයුතු අවසන් කර එහි නිගමන හා නිර්දේශ ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
එහිදී, අදාළ රාජ්‍ය ආයතන විසින් ඔවුන්ගේ සිය වගකීම නිසි පරිදි ඉටුකර තිබේද යන්න සහ යම්කිසි රාජ්‍ය පාර්ශවයක් අදාල දැරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබේද යන්න පිළිබදව හා ළමා හිංසනයක් සිදුවී තිබේද, එසේ සිදු වී තිබේ නම් කිනම් පාර්ශවයක් විසින් ඒ සඳහා වගකිව යුතු ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත බවයි එම නිවේදනයෙ සදහන් වන්නේ.
එමෙන්ම, ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇති නොවීමට අධ්‍යාපන අමාත්‍යංශය ඇතුලු අනෙකුත් බළධාරි රාජ්‍ය ආයතන විසින් ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන්ද මානව හිමිකම් කොමිෂන් සභාව අවධානයට ලක් කරනු ඇති බව එහි වැඩිදුරටත් සදහන් වේ.

Sasindu Sahan Tharaka May 16, 2025
කොටහේනේ දැරියක සිය දිවිනසා ගැනීමේ සිද්ධියේ පාසල් විදුහල්පතිනිය සහ අපයෝජනය කල බව කියන ගණිත ගුරුවරයා මානව හිමිකම් කොමිසම මග හරියි!
මත්කුඩු සන්තකයේ තබා ගත් තිදෙනෙකුට මරණීය දණ්ඩනය නියම වෙයි!
May 16, 2025
තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යළි හෙට ආරම්භ වෙයි!
May 16, 2025
Recent Posts
-
June 12, 2025මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට!
-
June 12, 2025බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!