වැඩතහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙනන් තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති බව වාර්තා වේ.
අධිකරණයකට, විනිශ්චාධීකරණයට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනත හා අධිකරණ සංවිධාන පනත යටතේ වරදක් සිදු කළ බව පවසමින් දේශබන්දු තෙන්නකෝන් හට මෙම නඩුව ගොනු කර ඇත.
මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස දේශබන්දු තෙන්නකෝන් සහ ඔහු පසුගිය 10 වෙනි දින උසාවියෙන් පිටව ගිය වාහනයේ රියදුරුද නම් කර ඇත.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දි දේශබන්දු තෙන්නකෝන් පසුගිය 10 දින ඇප ලබා සිය නිලරථයෙන් අධිකරණ භුමියෙන් පිටව යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ නඩුව අද (25) කැඳවු අතර එම අවස්ථාවේ නිතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් දීර්ඝ ලෙස කරුණු දැක්විමක් සිදු කර ඇත.
මේ සඳහා ඇප ලබාදිය හැකි බවත් මෙය හිතාමතා සිදු නොකල බවත් දේශබන්දු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න පවසා ඇත.
මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් පැවසුවේ අධිකරණයේ තිබෙන්නේ මහ ජනතාවගේ බලය බවත් එය මහජනතාවගේ බලයට අභියෝග කිරිමක් බවයි.
ඒ අනුව මිනිත්තු 40කින් ඇප නියෝගය නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දි ඇත.

Sasindu Sahan Tharaka April 25, 2025
දේශබන්දු තෙන්නකෝන්ට තවත් නඩුවක්!
ජනපතිගෙන් ඉන්දීය අගමැතිට දුරකථන ඇමතුමක්!
Apr 25, 2025
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්!
Apr 28, 2025