පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එළැඹෙන 19වනදා ප.ව. 2 ට ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති විශේෂ කමිටුව පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව වාර්තා වේ.
‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව’ විසින් මෙම දැනුම්දීම සිදුකර තිබුණා.
දේශබන්දු තෙන්නකෝන් කමිටුව හමුවට කැඳවන පළමු අවස්ථාව වන්නේ මෙයයි.
දේශබන්දු තෙන්නකෝන් ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති විශේෂ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේනගේ සභාපතීත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන අයගෙන් සමන්විතයි.
මෙම කමිටුව පළමු වතාවට අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර ඉන්පසුව පරීක්ෂණ කමිටුව අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර කමිටුවේ සහාය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද පත් කෙරුණි.
2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්යපටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමඟ කියවිය යුතු 3 (ඈ) සහ 3 (ඉ) වගන්තිප්‍රකාරව සහ එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය මාර්තු 25 වන දින මෙම යෝජනාව කථානායක ජගත් වික්‍රමරත්නට භාර දෙනු ලැබීය.

Sasindu Sahan Tharaka May 16, 2025
දේශබන්දු තෙන්නකෝන්ට ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කර විශේෂ කමිටුවෙන් කැඳවීමක්!
තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යළි හෙට ආරම්භ වෙයි!
May 16, 2025
සබරගමුවේ නවකවද සිද්ධියට අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරයි!
May 16, 2025
Recent Posts
-
June 12, 2025මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට!
-
June 12, 2025බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!