මහර අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් කූඨ ලේඛන සකස් කර අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර මාස දෙකකට අධික කාලයක් සැගව සිටි ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙ​න් අද (07) උදෑසන අධිකරණයට භාර විය.

මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ද ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටී.