බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ පෞරාණික ආභරණ තොගයක් හොංකොංහිදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි කල්දමා තිබේ.
ලොව සුපතල වෙන්දේසි ආයතනයක් වන සොදබීස් ආයතනය විසින් මෙම වෙන්දේසිය අද (7) සිදුකිරීමට නියමිතව තිබූ අතර, එය ආරම්භවීමට පැය කිහිපයකට පෙර මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි.
බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මෙම මැණික් තොගය වෙන්දේසියේ විකිණීම වහාම නතර කර කෞතුක වස්තු ඉන්දියාව වෙත ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් අදාළ වෙන්දේසි ආයතනය වෙත නීතිමය ලිපියක් යැවීමට ඉන්දියාව පියවර ගෙන තිබුණි.
මෙම වෙන්දේසිය නතර නොකළහොත් අදාළ ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම ලිපියේ වැඩි දුරටත් සදහන් කර තිබිණි.
එම ලිපියෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍යයන් වාර්තා කර ඇත.
1898 දී උත්තර් ප්‍රදේශ් හී පිප්‍රහ්වා හි ස්තූපයකින් බුදුන් වහන්සේට අයත් යැයි හඳුනාගත් අස්ථි කොටස් සමග මෙම මුතු, මැණික්, නිල් මැණික්, රත්‍රං ඇතුළු ආභාරණ 1,800කට ආසන්න ප්‍රමාණයක් සොයා ගනු ලැබීය.
මෙම භාණ්ඩවල වටිනාකම හොංකොං ඩොලර් මිලියන 100ක් ලෙස ගණන් බලා තිබුණි.