අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට හිමිව ඇති බව වාර්තා වේ.
අද (12) උදෑසන පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද තුනකින් සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් සභාපතීත්වයට පත්වූ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු නිවේදනය කළාය.
අකුරණ ප්‍රාදේශීය සභාවට සභිකධුර 30ක් හිමිව තිබූ අතර, අද දින එක් අයෙකු නොපැමිණි අතර ඒ අනුව සභිකයින් 29 දෙනෙකු ඡන්දය භාවිත කළේය.
සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් තාරික් අලී ඉදිරිපත් වූ අතර ඔහු ඡන්ද 13ක් හිමි කරගත්තේය.
මේ අතර උපසභාපති ධුරය සඳහා පොදුජන පෙරමුණේ චමින්ද තිලකරත්න ඡන්ද 18ක් හිමි කරගනිමින් පත්වූ අතර, ජාතික ජන බලවේගයේ වසන්ත කුමාර හිමිකර ගනු ලැබුවේ ඡන්ද 11ක් පමණි.

Sasindu Sahan Tharaka June 12, 2025
මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට!
ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව එලියට : සංගණනයට අනුව සතුන් ප්‍රමාණය මෙන්න!
Jun 12, 2025
අසාධ්‍යව සිටි භාතිය අවසන් හුස්ම හෙලයි!
Jul 14, 2025
Recent Posts
-
July 18, 2025රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි!
-
July 18, 2025නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම පිලිබඳ විශේෂ අනාවරණයක්!
-
July 18, 2025ඇමෙරිකාව පැන වූ තීරු බදු අඩුකර ගැනීමට අදත් සාකච්ඡා!
-
July 18, 2025දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩිතැබීමක්!