යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ඇමරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබේ.
එහිදි තවත් පුද්ගලයින් 100ක වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරයත් සමඟ එම ස්ථානයේ දැවැන්ත පිපිරීමක් සහ ගින්නක් හට ගෙන ඇති බව සඳහන්ය.
හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය සිදුකළ බව ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කර ඇති නමුත් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් මියගොස් ඇති බව හූති කැරලිකරුවන් සඳහන් කර තිබේ.