ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැන වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා එළඹෙන 29 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
සැකකාර සිසුන් අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
ඉකුත් අප්‍රේල් 29 වනදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණි.
විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Sasindu Sahan Tharaka May 16, 2025
සබරගමුවේ නවකවද සිද්ධියට අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරයි!
දේශබන්දු තෙන්නකෝන්ට ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කර විශේෂ කමිටුවෙන් කැඳවීමක්!
May 16, 2025
යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට අදාළ පැමිණිල්ල කල් යයි!
May 16, 2025
Recent Posts
-
June 12, 2025මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට!
-
June 12, 2025බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!