ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ  ඉහළ නිලධාරීන් හත් දෙනකුට ස්ථාන මාරු කිරීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

මෙම ස්ථාන මාරු කිරීම්  ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාවය මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් අනුමත කර ඇත.

මෙම ස්ථාන මාරුවීම් අද (25) සිට ක්‍රියාත්මක වන බව ද සදහන් වේ.

ඒ අනුව, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල් .එස්. පතිනායක මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙසත්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. සි. මැදවත්ත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත් කර ඇත.

එමෙන්ම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්. එල්. කොඩිතුවක්කු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා ලෙසත්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. ඒ. රෝහණ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ. ඩබ්. කේ. සිල්වා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා ලෙසත් පත් කර තිබේ.