අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් යන අයව තේරී පත්ව ඇති  බව එම බලමණ්ඩලය අද(20) නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

එම බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ විසින් එම නිවේදනය නිකුත් කර ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ අද පැවති සැසිවාරයේදී මෙම  තීරණය ගෙන ඇති  බවද සදහන් වේ.