ශ්‍රී ලංකා රග්බි තහනමෙන් පසු ලෝක රග්බි සම්මේලනය මගින් ඔවුන්ගේ සමාලෝචන ක්‍රියාවලියේ කොටසක් ලෙස ඔවුන්ද එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව ලෝක රග්බි සම්මේලනය ඊයේ (29) මෙටට ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මැයි 11වන දින ලෝක රග්බි සම්මේලනය මගින් මෙරට රග්බි සාමාජිකත්වය නිල වශයෙන් අත්හිටුවන ලද අතර පසුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් එය ඉවත් කර ගැනීමට උත්සාහ කරමින් ලෝක රග්බි සම්මේලනය වෙත ලිපියක් යොමු කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක රග්බි සම්මේලනය පවසා ඇත්තේ ආසියානු රග්බි සම්මේලනය සමඟ එක්ව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන බවයි.

“ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගන්නා අතරම, ලෝක රග්බි සම්මේලනය ශ්‍රී ලංකා රග්බි පාලනය සම්බන්ධ ගැටලු පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගත යුතුය. , ලෝක රග්බි සම්මේලනය විසින් මෙම කරුණු පිළිබඳ පූර්ණ සමාලෝචනයක් පවත්වනු ලබන අතර, මෙම සමාලෝචනය පැවැත්වීම සඳහා සුදුසුම ක්‍රමය ලෙස ආසියානු රග්බි සමග සම්බන්ධ වනු ඇත.

මෙම සමාලෝචන ක්‍රියාවලියේ කොටසක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය සමග සම්බන්ධ වීම අපගේ අභිප්‍රාය වන අතර, මෙම කරුණු තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා ඔබ රැස්වීමක් ඉල්ලා සිටීම පිළිබඳ ඔබට ඉතාමත් කෘතඥ වේ. ජූලි මස මුලදී ශ්‍රී ලංකාවට (ආසියා රග්බි සමඟ) පැමිණීමට අපි බලාපොරොත්තු වේ. සුදුසු රැස්වීම් වේලාවක් තහවුරු කිරීම සඳහා ඔබ සමග සමඟ සම්බන්ධ වීමට බාලාපොරොත්තු වේ. යනුවෙන් ලිපියක් මගින් ලෝක රග්බි සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

Kavindu Kariyawasam