ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව තේරීම් කමිටුවක් පත් කරන තුරු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස නැවතත් පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට්හි නව විධායක කමිටුව පත් කරමින් මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නව විධායක කමිටුව පහතින් දැක් වේ.

ශම්මි සිල්වා මහතා – සභාපති
රවීන් වික්‍රමරත්න මහතා – උප සභාපති
ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා – උප සභාපති
තිලක් වත්තුහේවා මහතා – උප සභාපති
මොහාන් ද සිල්වා මහතා – ලේකම්
ක්‍රිෂාන්ත කපුවත්ත මහතා – උප ලේකම්
සුජීව ගොඩලියද්ද මහතා – භාණ්ඩාගාරික
ලසන්ත වික්‍රමසිංහ මහතා – උප භාණ්ඩාගාරික
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා – ක්‍රිකට් තේරීම් කමිටු සභාපති
බන්දුල දිසානායක මහතා – ලංකා ක්‍රිකට් විනිසුරු කමිටු සභාපති
සමන්ත දොඩන්වෙල මහතා – තරගාවලි සංවිධායක කමිටු සභාපති
ජානක පතිරණ මහතා – විධායක කමිටු සාමාජික/නියෝජිත – දිස්ත්‍රික්/පළාත් සංගම්
නලින් අපෝන්සෝ මහතා – විධායක කමිටු සාමාජික/නියෝජිත – ජනසතු සේවා ක්‍රිකට් සංගමය
නලින් වික්‍රමසිංහ මහතා – විධායක කමිටු සාමාජික/නියෝජිත – වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය
කිත්සිරි ද සිල්වා මහතා – විධායක කමිටු සාමාජික/නියෝජිත – පාලක ක්‍රිකට් සමාජ
මාලන් රණසිංහ මහතා – විධායක කමිටු සාමාජික/නියෝජිත – පාලක ක්‍රිකට් සමාජ
ප්‍රියන්ත අල්ගම මහතා – විධායක කමිටු සාමාජික/නියෝජිත – අනුබද්ධ ක්‍රිකට් සමාජ
සුදත් චන්ද්‍රසේකර මහතා – විධායක කමිටු සාමාජික/නියෝජිත – ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය

කවිදු කාරියවසම්