ඉකුත් 2021 වසරේ ජනවාරි 6 වැනිදා ඇමෙරිකානු හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ අනුගාමික අරගලකරුවන් ඇමෙරිකානු මහා මන්ත්‍රණ සභා ශාලාවට බලෙන් ඇතුළු වී කළ පෙරළියේ ප්‍රතිඵල තවමත් ලැබෙමින් පවතී.

අලුතින්ම සිර සිරදඬුවම් ලැබූ අරගල කරු බවට පත්ව සිටින්නේ කතානායක නැන්සි පෙලෝසිස්ගේ  කාර්යාලයට ඇතුළු වී ඇයගේ මෙසේ දෙපා තබාගෙන සිටි හැට තුන් හැවිරිදි රිචඩ් බානෙට්ය.

AFP ඡායාරූප ශිල්පියකු ඔහු අසුන් ගෙන සිටින ඡායාරූප මාධ්‍යයට නිකුත් කළ අතර එය අරගලයේ දී ගත් ඡායාරූප අතර ජනප්‍රිය ඡායාරූපයක් විය.

බානෙට් මහා මන්ත්‍රණ සභා ශාලාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වී කතා නායිකාවට අසැබි පණිවුඩයක් ද මේසේ මත තබා තිබිණි.

අරගලයේ යෙදුණු දහසකට අධික ගණනක් මේ වන විටත් අඩංගුවට ගෙන අවසන් ය.

වැඩි දෙනකුට කළ අලාභහානි වලට වන්දි ගෙවීමට සිදුවිය.