ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන ඇත.

එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබාදී ඇති බව නිවේදනයක් නිකුත්කරමින් ආසියානු සංවර්ධන බැංකුව සදහන් කර තිබේ.

එසේම මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට සපයන ලද විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධ බව සඳහන් වේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ගැන ඔවුන් සැලකිලිමත්වන බව ආසියානු සංවර්ධන බැංකු සභාපති  Masatsugu Asakawa පවසා ඇත.