ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර හම්බන්තොටදී පැවැති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර ප්‍රමාණය යොමුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පනවා තිබේ.

ICC තරග තීරකවරුන්ගේ මණ්ඩලයේ සාමාජිකයෙකු වන රන්ජන් මඩුගල්ල විසින් මෙම දඬුවම නියම කරනු ලැබුවේය. ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඬුවම පනවා ඇත.

ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලාද මෙම වරද පිළිගෙන යෝජිත දඬුවමට එකඟ වී තිබේ.

KAVINDU KARIYAWASAM