ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ හටගෙන ඇති ආගමික ගැටුම්වලට සම්බන්ධ 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

ගැටුම්වලින් මෙ වන විට එක් පුද්ගලයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආන්දෝලනයට තුඩු දී ඇති “කේරළයේ කථාව” නැමති චිත්‍රපටය පිළිබඳව දෙදෙනෙකු අතර වස්ඇප් ඔස්සේ හුවමාරු වූ සංවාදයක ස්ක්‍රීන් ෂොට් හෙවත් තිර ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කිරීමත් සමඟ මෙම ගැටුම් හටගෙන තිබෙන බව ආරන්චි මාර්ග සඳහන් කරයි.

හින්දු කාන්තාවක් ඉස්ලාම් ආගමට හරවාගෙන අයි.එස්. ත්‍රස්ත සංවිධානයට බඳවාගැනීම පාදක කරගනිමින් එම චිත්‍රපටය නිශ්පාදනය කර ඇති බව වාර්තා වේ.

සසිඳු සහන් තාරක