ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 121ක් මැයි 27 සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් ලබා දී නොමැති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකරය ට්විට්ට්ර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

එමෙන්ම තවත් බොහෝ ඉන්ධන පිරවුම්හල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නොමැති බව මූලික වාර්තාවලින් හඳුනාගෙන ඇති බවද ඇමතිවරයා පවසා තිබේ.

ඉන්ධන පිරවුම්හල් 50% ක අවම තොගයක් පවත්වා ගැනීමට අවශ්‍ය බවත් කොන්ත්‍රාත්තුවේ කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර දත්ත සමාලෝචනය කිරීමෙන් පසු අවසන් කරන බවද ඔහු අවධාරණය කර තිබේ.

පසුගිය සතියේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇණවුම් කරන ලද සහ පවත්වාගෙන ගිය තොග පිළිබඳ දත්ත සමාලෝචනය කරමින් සිටින බවද ඔහු එහි සදහන් කර ඇත.

පසුගිය මැයි 22 වනදා සිට CPC අලෙවි නියෝජිතයින් විසින් ඇණවුම් ලබා නොදුන් ඉන්ධන පිරවුම්හල් සහ දිවයින පුරා දෛනික ඉන්ධන මිලදී ගැනීම් පහතින් දැක්වේ