එලැබෙන මස සිදු කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණය කර ඇත.

විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර ගේ ප්‍ප්‍රධානත්වයෙන් ඊයෙ (25)  පැවති ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය, වෙළඳ සහ අලෙවි අංශ සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී ඉදිරි ඉන්ධන ආනයන සැලසුම, බෙදාහැරීමේ සැලසුම මෙන්ම තෙල් සංස්ථා මුල්‍ය තත්වය පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කර ඇත.