සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග සැපයීම සඳහා මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ඛනිජ තෙල් සංස්ථාවට සහ තොග ගබඩා පර්යන්තයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති ඇමති  කංචන විජේසේකර පවසා ඇත.

මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් මගින් ඇනවුම් නොකිරීම, මිල සංශෝධනයෙන් පසු ඉල්ලුම වැඩිවීම සහ කෝටාව වැඩිවීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් ඇති වූ බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.