2023 මැයි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කෙරෙනු ඇත.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 318 වේ.

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රැපියල් 20 කින් මිළ ඉහල යනු ඇත.

ඒ අනුව ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් නව මිල රැපියල් 385ක් වේ.

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 10කින් මිල ඉහල යනු ඇත.

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක නව මිල රැපියල් 340 ක් වේ.

ලංකා භූමිතෙල් ලීටරයක් රැපියල් 50කින් අඩු කෙරෙනු ඇත.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රැපියල් 245ක් වේ.

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රැපියල් 60කින් අඩු කෙරෙනු ඇත.

ඒ අනුව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රැපියල් 270 ක් වේ.