ගිවිසුම්ගත වී දින 45 ක් තුල ඉන්ධන මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් බව සිනොපෙක් ආයතනය පවසා ඇත.

ඒ අනුව මැයි මස මැද වන විට ගිවිසුම් ගත වීමේ කටයුතු සිදු කරන බව ද එම ආයතනය සදහන් කර තිබේ.

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරය සහ එක් වන සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මෙරටට පැමිණි අතර ඊයේ ( 25 ) දිනයේ බලශක්ති ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාල කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.