මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 30%ක් මෙරටදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර ඇත.

එය මේ වසර අවසන් වනවිට සිදු කරන බවද සදහන් වේ.

මේ වනවිට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරන්නේ 17%ක් පමණක් බව අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසා තිබේ.

ඖෂධ නිෂ්පාදන ගම්මාන හා කලාප ගණනාවක මේ සඳහා වන නව කර්මාන්ත ශාලා ඉදිකිරීමට පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකශ කර ඇත.

ඉදිරි අවුරුදු දෙක තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 70%ක් මෙරට නිෂාපාදනයට සැලසුම් කරන බව දඅතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.