කවර හේතුවක් මතවත් කච්චතිව් දුපත ඉන්දියාවට ලබා නොදෙන බව යාපනය ධිවර සංගම් එකමුතුව අවධාරණය කරයි.

කච්චතිව් දුපත ඉන්දියාවට පවරාගත යුතු යැයි යෝජනා කරමින් තමිල්නාඩු මහඇමති එම්. කේ ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියකින් කර ඇති යෝජනාවට සිය සංගමයේ දැඩි විරෝධය පළ කර සිටින බව ද යාපනය ධිවර සංගමයේ සභාපති රත්නසිංගම් මුරදරන් සදහන් කර ඇත.

1976 වසරේ දි කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට හිමිවු බව පෙන්වා දෙන මුරලි දරන් මහතා තමිලානාඩු මහඇමතිවරයා කච්චතිව් දුපත සම්බන්ධයෙන් වර්තමානයේ දක්වන අදහස් හේතුවෙන් දකුණු ඉන්දීය හා ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයින් අතර මතභේද ඇතිවීමේ අවධානමක් ඇති බවද පෙන්වා දෙයි.

තමිල්නාඩු මහඇමතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබුණු මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා පැවසුවේ ස්ටාලින් මහතා සිය දේශාපලන වුවමනා වෙනුවෙන් එම ප්‍රකාශය සිදු කරනු බවත් නමුත් යථාර්ථය වන්නේ ඔහුගේ එම යෝජනා කිසිවක් සිදු නොවන බවත්ය.

රාජිනි මෙන්ඩිස්