හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) තීන්දු කර ඇත.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලිකරු විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන්  මෙසේ පැමිණිල්ල ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් එම පුද්ගලික පැමිණිල්ල පසුගියදා  ඉදිරිපත් කර තිබිණි.

නිර්මාණි ගුණරත්න