ලෝක ශූර පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සෙමා වසර 14ක කාලයක් ක්‍රීඩා කළ Real Madrid පාපන්දු ක්‍රීඩා සමාජයෙන් ඉවත් වීමේ නිල නිවේදනය සිදු කර තිබේ.

ඒ අනුව ඔහු සිය නිල ඉවත්වීම පිළිබඳ නිවේදනය බර්නාබියුහිදී සිදු කර ඇත.

බෙන්සෙමා Real Madrid ක්‍රීඩා සමාජය වෙත පාපන්දු චැම්පියන්ස් ලීග් ශූරතා 05ක් දිනා ගැනීමට දායකත්වය දැක්වූ ක්‍රීඩකයෙකි.

ඔහු Real Madrid වෙනුවෙන් තරග 648කදී ගෝල 354ක් රැස් කරගෙන තිබේ.

බෙන්සෙමා වාර්තා අතරට එක් වන්නේ Real Madrid වෙනුවෙන් දෙවැනි වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩකයා ලෙසයි.

එහිදී ඔහු දෙවැනි වන්නේ Real Madrid හිටපු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පමණි.

සෞදි අරාබි ප්‍රෝ ලීගය සමග එක්වීමේ බලාපොරොත්තුවෙන් ඔහු මෙලෙස Real Madrid හැර යන බව වාර්තා වේ.

විඳු කාරියවසම්