ක්‍රිකට් නීති 03ක් අයි.සී.සී.ය මගින් සංශෝදනය කරයි.

ජුනි පළමුවැනිදා සිට ක්‍රිකට් නීති 03ක් වෙනස් කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ.

මේ අනුව ක්‍රිකට් පිටියේ විනිසුරුවන් විසින් තෙවන විනිසුරුවට යම් තීරණයක් ලබදීමට යොමු කිරීමේදී එම තීරණය සම්බන්ධයෙන් පිටියේ විනිසුරුගේ තීරණය (soft signal) ලබාදීම අවශ්‍ය නොවේ.

එමෙන්ම අධි අවදානම් සහිත අවස්ථාවලදී හිස් ආවරණ (helmets) භාවිත කිරීම අනිවාර්ය කර තිබේ.

ඒ අනුව,පිතිකරුවන් වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන විට,

කඩුලු රකින්නන් කඩුල්ල අසලට පැමිණ කඩුලු රකින් විට

කඩුල්ල ඉදිරිපස සිට පිතිකරු ආසන්නයේ පන්දු රකිමින් සිටින විට හිස් ආවරණ පැලඳීම අනිවාර්ය වේ.

මීට අමතරව ෆ්‍රීහිට් (Free Hit) පහරට අදාළ පන්දුවේදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදුනද එම පන්දුව සඳහා ලකුණු ලබා ගැනීමට පිතිකරුවන්ට හැකියාව තිබේ.

විඳු කාරියවසම්