අයි.පී.එල්. තරගාවලියේ ඊයේ පැවැති තරගයේදී විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට විරාට් කෝලි සමත් විය.

පන්දු 63කින් වාර්තා කළ මෙම ශතකයට 06 පහර 04ක් සහ 04 පහර 12තක් ඇතුළත් විය.

මෙම ශතකයත් සමගින් අයි.පී.එල්. තරගාවලි හිදී කෝලි රැස් කර ඇති ශතක සංඛ්‍යාව 06කි.

ඒ අනුව අයි.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තාව සමකිරීමට කෝලි සමත් විය.

කෝලි සමග මෙම වාර්තාවට හිමිකම් කියන්නේ ක්‍රිස් ගේල්ය.

ගේල් ඉනිම් 141 තුළදී ශතක 06ක් රැස් කරගෙන තිබේ.

කෝලි මෙම ශතක 06 වාර්තා කර ඇත්තේ ඉනිම් 228ක් තුළදීය.

මෙහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර්ය.

ඔහු ඉනිම් 94ක් තුළ ශතක 05ක් රැස් කරගෙන තිබේ. බට්ලර් එම ශතක 05න් 04ක්ම රැස් කළේ පසුගිය වසරේ අයි.පී.එල්. තරගාවලියේදී වීම විශේෂත්වයකි.

කවිඳු කාරියවසම්