ඉතාලියට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ.

එරට ගංඟා 20ක පමණ ගංවතුර තත්වයන් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නායයෑම් 280ක් පමණ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී තිබේ.

ගංවතුර හේතුවෙන් පවුල් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර ඇතැම් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇත.