යුරෝපා සංගමය සහ එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේදී ගොවීන්ට ලබාදීම සඳහා රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර සහ කෘෂි උපකරණ කවිටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට හෙට (22) දින භාරදීමට නියමිතය.

හම්බන්තොට – බටඅත කෘෂිකර්ම උද්‍යායනයේදී එම සහනාධාර තොගය කෘෂිකර්ම ඇමති මඟින්ද අමරවීර වෙත නිල වශයෙන් භාර දීමට නියමිතව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කර ඇත.

මේ යටතේ වී වගාවෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා හඳුන්වාදී ඇති පැරෂුටි වී වගා ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය උපකරණ උසස් තත්වයේ බීජ වී ගොවීන්ට ලබාදීමට යුරෝපා සංගමය කැමැත්ත පළ කර ඇති බව සදහන් වේ.

ඊට අමතරව පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම සහ කුරුණෑගල ඇතුලු දිස්ත්‍රික්ක හතක හෙක්ටයාර භාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000කට නොමිලේ යූරියා කිලෝග්‍රෑම් 50ක මිටියක් ලබාදීමටද නියමිතය.

නිර්මාණි ගුණරත්න