දෛනිකව බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි නව පිරිපහදු මධ්‍යස්ථානයක් චීන ආයෝජනයක් ලෙස මෙරට ස්ථාපිත කරන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ෂෙංහොන් පවසා ඇත.

මෙරට දැනට පවතින බොරතෙල් පිරිපහදුව  පැරණි එකක් වන බැවින් නව තාක්ෂණයෙන් යුත් තෙල් පිරිපහදුවක් ඉදිකිරිමට අපේක්ෂා කරන බව චීන තානාපතිවරයා සදහන් කර තිබේ.

මෙම නව පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු රටේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

චීනය මගින් ඉන්ධන පිරිවුම් හල් 150 ක් කඩිනමින් මෙරට තුළ  තුළ විවෘත කිරීමට සැළසුම් කර ඇති බවත් ,  මෙම වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 120ත් 140ත් අතර මුදලක් චීනය විසින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැළසුම් කර ඇති බවත් හෙතෙම සදහන් කර ඇත.

ඒ හරහා මෙරට තරුණ ප්‍රජාවට එම අයෝජන ඔස්සේ බිහිවන කර්මාන්ත සමඟ එකතු වී වැඩකළ හැකි බව ද ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.