ජනතාවගේ අවශ්‍යතා ඉටුකර දීම වෙනුවෙන් තමන් ජනාධිපතිවරයා හමුවට යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න පවසා තිබේ.

මේ වන විටත් අවස්ථා ගණනාවකදී ජනාධීපතිවරයා හමුවී ඇති බව ද ඇය පවසා ඇත.

ඉන් ජනතාවගේ ගැටළු ගණනාවකට විසදුම් ලබාදීමට හැකි වූ බවද මන්ත්‍රිවරිය ප්‍රකාශ කර තිබේ.

නිර්පාක්ෂික මන්ත්‍රිවරියක  ලෙස ජනාධිපතිවරයා හමුවීමට සෑම කෙනෙකුටම හැකි බවත්  එම ක්‍රමය තමන්ද අනුගමනය කරන බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් පවසා ඇත.