මෙරට තුල ජලය මත පාවෙන සූර්ය බලාගාර දෙකක් ඉදි කිරිමේ ව්‍යාපෘති සදහා ගිවිසුම් අත්සන් කර ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 5.2ක කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ කොරියානු සමාගම්වල ඉදිකිරිම මත
මෙම  ව්‍යාපෘතිය වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සහ එහි කටයුතු ආරම්භ කිරීම අද (31) සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය ලංකාවේ පළමු ජලය මත ඉදි කරන සූර්ය බලාගාර ව්‍යපෘතිය වේ.

මෙගා වොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙකක් සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරි ඉබ්බන් වැව මත ඉදි කරනු ඇත.

මෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ දෙසැම්බර් මස අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

නිර්මාණි ගුණරත්න