දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මූලික පහසුකම් සලසන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසා ඇත.

E-Passport මේ වසර තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා අද (22) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කර තිබේ.

මේ අතර ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ද දිවයින පුරා ස්ථාන 5ක් ස්ථාපිත කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නිර්මාණි ගුණරත්න