ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය වර්ෂාව නිසා මේ වන විට නතර කර ඇත.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 492ක් ලබා ගැනීමට සමත් විය.

සිය මංගල ටෙස්ට් ශතක සම්පූර්ණ කරමින් Paul Stirling ලකුණු 103 ක් සහ Curtis Campher ලකුණු 111ක් ලබා ගැනීමට සමත් විය.

ඊට අමතරව අයර්ලන්ත ඉනිම වෙනුවෙන් Andy Balbirnie ලකුණු 95ක් සහ Lorcan Tucker ලකුණු 80ක් වශයෙන් අර්ධ ශතක වාර්තා කර ඇත.

අයර්ලන්තය ටෙස්ට් ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය ලෙසද සදහන් වේ.

ටෙස්ට් තරග 7ක් තුල හයවැනි වරටත් කඩුලු 5ක් බිඳ දැමූ ප්‍රභාත් ජයසුරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම සටහන් කර ගෙන තිබේ.

ඊට අමතරව විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කිසිවෙකු නොදැවී ලකුණු 81ක් ලබා ගෙන ඇත.

ඒ අනුව නිශාන් මදුශංක ලකුණු 41*/64b ක්ද , දිමුත් කරුණාරත්න ලකුණු 39*/45b ක් ලබා ගෙන ඇත.