අපනයනය ඉලක්ක කරගනිමින් යාපනය ප්‍රදේශයේ වගා කරන ලද පළමු ඇඹුල් කෙසෙල් වගාවේ අස්වනු නෙලීම සහ සැකසුම් කටයුතු හෙට (03) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.

එම අස්වනු ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළඳපලට අපනයන කිරීමට සැළසුම් කර ඇති බව ද පවසා ඇත.

සතිපතා කෙසෙල් කිලෝග්‍රෑම් 25,000ක් අපනයනය කිරීමට කටයුතු යොදා තිබේ.

ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන 2ක් රාජාංගනය සහ යාපනයේ ස්ථාපිත කර ඇති බවත්  කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.