දකුණු කොරියාවේ පැවති වයස අවුරුදු 20න් පහළ ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි දිල්සාරා මීට සුළු මොහොතකට පෙර සමත් වූවාය.
ඇය මෙම ශූරතාවලියේ මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඊයේ (04) සමත් විය.