ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි ලාමාතුමන්ගේ දිව උරා බොන්නට අවශ්‍ය දැයි පිරිමි ළමයෙකුගෙන් විමසන අයුරු ඇතුළත් වීඩියෝ පටයක් පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේවෙතත් අදාළ සිදුවීමට දලෙයි ලාමාතුමන් සමාව අයැදින බව ඔහුගේ කාර්යාලය සදහන් කර ඇත.

ඔහුගේ වචන නිසා ඇති විය හැකි රිදවීම සඳහා දරුවාගෙන් සහ ඔහුගේ පවුලේ අයගෙන් සමාව ගැනීමට දලෙයි ලාමාතුමන්ට අවශ්‍ය බව ද එම කාර්යාලය සදහන් කර තිබේ.

දලෙයි ලාමාතුමන් මෙම දරුවා සිපගැනීමේ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ දැඩිව විවේචනයට ද ලක් විය.

A still from the viral video in which the Dalai Lama kisses a young boy in front of others. Image Courtesy: @VickyDavilaH/Twitter

A still from the viral video in which the Dalai Lama kisses a young boy in front of others. Image Courtesy: @VickyDavilaH/Twitter