ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරින් මියගිය පුද්ගලයින් ගණන 233 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම අනතුරින් පුද්ගලයින් 900කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවය.

අනතුරට පත් වුවන් මුදා ගැනීම සඳහා මේ වන විට බාසෝර් දිස්ත්‍රික්කයේ ගිලන් රථ 200කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇත.

භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් අධිවේගී දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව  වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් 100කින් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් ද කැඳවා තිබේ.

මෙම බිහිසුණු අනතුර සම්බන්ධයෙන් ටිවිටර් සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කළේ මෙම අනතුර හේතුවෙන් තමා දැඩි සංවේගයට පත්ව සිටින බවය.

ඊයේ රාත්‍රී 7.00 පමණ ඉන්දියාවේ Shalimar – Chennai ගමන් කරන Coromandel Express දුම්රිය ඔඩිසා ප්‍රාන්තයේ Balasore ප්‍රදේශයේදී පීලිපැන වෙනත් දුම්රිය මාර්ගයකට වැටී තිබියදී එම දුම්රිය මාර්ගයේ පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වැදී විශාල අනතුරක් වී තිබේ.

අනතුරුව එම මාර්ගයේ යෙස්වාන්පූර් සිට හොව්රා වෙත ධාවනය වෙමින් තිබූ සුපර් ෆාර්ස්ට් එක්ස්ප්‍රස් දුම්රිය ඒ මාර්ගයට වැටී තිබූ දුම්රිය මැඳිරිවල ගැටී අනතුරට ලක්ව ඇති අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්ද පසුව එම දුමිරියේ ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම බොහෝ පිරිසක් තුවාල ලබා සිටින පුද්ගලයන්ට පාලවිනය සඳහා අවශ්‍යවන රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණ සිටින ආකාරය දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ති​බේ.