ආගමික සහජීවනය ට බාධා වන අන්දමේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ (15) සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ

ඔහු අද අළුයම කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා රටින් පිටවීම වළක්වාලමින් වාරණ නියෝගයක්ද නිකුත් කර තිබේ.

මෙලෙස අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන බවයි වාර්තා වේ.

සසිදු සහන් තාරක