දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ අනුව  මෙම වසරේ පළමු කාර්තුවේ ඉලක්ක ගත ආදායම ඉක්මවා 105%ක ආදායමක් උපයා ඇති බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් රේගුව 89%ක ප්‍රමාණයක් සහ සුරා බදු දෙපාර්තමේන්තුව 64% ප්‍රමාණයක් උපයා ගෙන ඇති බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරටත් මෙසේ ද පවසා ඇත.

‘මුළු වර්ෂයේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කය අයවැයේ සඳහන් පරිදි ඩොලර් බිලියන 1665යි. 1667න් පළමුවෙනි කාර්තුවට අපි ගණන් හදන්නේ, ආදායම් එකතුවීමේ රටාවක් තියෙනවා. ඒ රටාව අනුව තමා අනුව තමා අපි කාර්තුවලට බෙදන්නේ. ඒ අනුව බිලියන 302යි ඔවුන් අපිට හොයලා දෙන්න ඕනේ. ඔවුන් 316ක් හොයලා දීලා තියෙනවා. ඒ කියන්නේ 105%ක් ඔවුන් අපිට හොයලා දීලා තියෙනවා. අපි සැලකිල්ලට භාජනය විය යුතු අනෙකුත් ආයතන අපි රේගුව බැලුවොත් රේගුවට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ පළමු කාර්තුවේ ආදායමෙන් 89%යි. වැදගත්ම දේ සුරාබදු දෙපාර්තමේන්තුවේ පළමු කාර්තුවේ බැලුවොත් 64%ක තියෙන්නේ. ඒක අපි විශේෂයෙන් බලනවා. නීතියානුකූල සුරා භාවිතය අඩුවෙලා. අනෙක් පැත්තෙන් නීතියානුකූල නොවන දේ භාවිත වෙනවා. එය සෞඛ්‍ය ප්‍රශ්නයක් මතුකරයි ද අපි සොයා බැලිය යුතුව තියෙනවා. හැබැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ගේ ඉලක්ක ඉක්මවා ගොස් තිබෙනවා.’