ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නිහි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළව ඕස්ට්‍රේලියාවේ පවරා ඇති නඩුවේ, චෝදනා 4න් 3ක් ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වෙනවා.

රජයේ නඩු පවරන අධ්‍යක්ශ වෙනුවෙන් අභිචෝදක හියු බුඩින් අධිකරණයට පවසා ඇත්තේ එක් චෝදනාවක් සහතික කර ඇති නමුත් කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ ඉතිරි චෝදනා තුන ඉල්ලා අස්කර ගත් බවයි.

වයස අවුරුදු 32 වන ධනුශ්ක ගුණතිලකව ගිය වසරේ සිඩ්නි හි CBD හෝටලයේදී අත්අඩංගුවට ගෙන නොවැම්බර් 2 වෙනිදා සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම ඇතුළුව චෝදනා හතරක් සම්බන්ධව නඩු පවරා තිබිණ.

සසිඳු සහන් තාරක