නවසීලන්ත ජාතික කාන්තා කණ්ඩායම 2023 ජුනි-ජූලි මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඒ එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වීමටය.

එක්දින තරගාවලිය ICC කාන්තා එක්දින ශූරතාවලියේ කොටසක් ලෙස පැවැත්වේ. ඒ අනුව පළමු එක්දින තරගය ජුනි 27වැනිදාත්, දෙවැනි තරගය ජුනි 30වැනිදාත්, ‌තෙවැනි තරගය ජූලි 03වැනිදාත් පැවැත්වේ. මෙම තරග 03ම ගාල්ල ජාත්‍යයන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අනතුරුව පළමු විස්සයි විස්ස තරගය ජූලි 08වැනිදාත්, දෙවැනි තරගය ජූලි 10වැනිදාත්, තෙවැනි තරගය 12වැනිදාත්, පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

නවසීලන්ත කණ්ඩායම 2023 ජුනි 23 වන දින දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

කවිදු කාරියවසම්