නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන අද (23) පවතී කැබිනට් මාධ්‍ය හමුවේදී පවසා ඇත.

නිසි පරිදි හඳුනාගැනීමකින් සහ විධිමත් ඇගයීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ආරම්භ කිරීම නිසා පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘති මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම කමිටුව පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටු විසින් සලකා බලනු ලබන ඇස්තමේන්තු ගත පිරිවැය හෝ ඊට වැඩි ඇස්තමේන්තු ගත පිරිවැයක් සහිත ව්‍යාපෘති පිළිබඳව නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයෙකු වන දයා ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පිහිටුවීමට නියමිතය.

නිර්මාණි ගුණරත්න