සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) ශ්‍රී ලංකාවේ සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර තිබේ.

මෙරට  තුළ ඖෂධයේ ප්‍රමිතිය පරීක්ෂා කළ නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, කාණ්ඩ 03ක් යටතේ අදාළ ඖෂධය භාවිත කිරීම තාවකාලිකව ඉවත් කර ඇති බව සදහන් වේ.

මෙම ඖෂධය ඉන්දියානු ණය යටතේ මෙරටට ලැබුණු අතර, ඉන්දීය ඖෂධ සමාගමක් විසින් ශ්‍රී ලංකාවට බෙදාහැර ඇත.

අනෙකුත් රටවල එහි ක්‍රියාකාරීත්වය සහ ඉන්දියාව විසින් ලබා දී ඇති අදාළ සහතික මත මෙම ඖෂධය ගෙනා බව ද වාර්තා වේ.