නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳ සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

මෙහි සභාපති ධුරයට අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර ඇති බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කර ඇත.

ඊට අමතරව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනෙක් ද  මෙම විශේෂ කාරක සභාවට නම් කර තිබේ.