වයඹදිග පකිස්තානයේ ස්වැට් නිම්නයේ පිපිරීම් දෙකක් වාර්තා වී ඇත.

මෙම පිපිරීම් ත්‍රස්ත මර්දන කාර්යාලයක සිදු වූ පිපිරීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පිපිරීම් හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 40දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මියගිය අය අතුරින් බහුතරයක් පොලිස් නිලධාරින් බවද සදහන් වේ.

මෙම පිපිරීම පතොරම් ගබඩාවක සිදු වූ විදුලි කාන්දුවක් නිසා සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරන අතර මෙය ප්‍රහාරයක් බවට සැකකෙරෙන සාක්ෂි කිසිවක් නොමැති බවද වාර්තා වේ.