පකිස්තාන  අගමැති ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගත් පකිස්ථාන හිටපු අගමැති  ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විරෝධතාකරුවන් අගමැතිවරයගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බව පංජාබ් පොලීසිය සඳහන් කර තිබේ.

මේ වනවිට විරෝධතාකරුවන් 1000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම විරෝධතා අතරතුරු පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව ද සඳහන් වේ.