උත්සව සමය වෙනුවෙන් මහජනතාවට අවහිරයක් නොවන ලෙස භාණ්ඩ අලෙවි කිරීම සඳහා පදික වෙළෙඳුන්ට අවස්ථාව ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පදික වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතු වල නිරත වීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බව ද සාගල රත්නායක මහතා පවසා ඇත.

මේ අතර එහිදී පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබේ.

නිර්මාණි ගුණරත්න