පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයට ලබා දී ඇත.

ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව මෙය ලබා දී තිබේ.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් එම වාර්තාවේ පිටපතක් කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ගරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන් ට භාර දී ඇත.